සිහිකැඳවීම් ගණනාවකින් පසු හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ලබාදී තිබූ බංගලාව ඊයේ(12) රජයට බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.

සනත් නිශාන්ත මහතාගේ පවුලේ හිතවතකු පැමිණ හිඟ කුලී මුදල ගෙවීමෙන් පසු අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායමක් එහි ගොස් එම බංගලාව රජයට බාරගෙන ඇත.

සනත් නිශාන්ත පසුගිය ජනවාරි මස 25 වැනිදා හදිසි අනතුරකින් මිය යෑමෙන් පසු ඔහුගේ බිරිඳට සහ දරුවන්ට එම බංගලාවේ දිගටම රැඳී සිටීමට හිටපු රජය අවස්ථාව සලසා දී තිබුණ අතර නව රජය බලයට පත්වීමෙන් පසු හිටපු අමැතිවරුන්ගේ නිවාස යළි රජයට බාර ගැනීමට ගත් තීරණයත් සමග මෙම නිවාසයද රජයට ගැනීමට කටයුතු කෙරිණ.

මෙම බංගලාව බාරදීමත් සමඟ හිටපු ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ බංගලා සියල්ල බාරදී අවසන් බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here