රුපියල් මිලියන 13ක් පමණ වටිනා කොකේන් තොගයක් රේගු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සියෙරාලියොන් සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් මගියෙකු එම කොකේන් තොගය ගිලදමා තිබියදී සොයා ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි සියෙරාලියෝන් රාජ්‍යයේ පුද්ගලයෙකි.
ඊයේ(12) උදෑසන ඔහු සියෙරාලියෝන් සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
අදාළ සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ මත්ද්‍රව්‍ය ඉවතට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවත්වයි.