රේගු නිලධාරීන්ගේ අත්තනෝමතික ක්රියාමාර්ග හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, මේ වරාය අවට මාර්ගවල දැඩිරථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :
“ඔරුගොඩවත්ත, තොටලඟ සහ ග්රෑන්ඩ්පාස් යන ප්රදේශවල මාර්ගයේ තිබෙන අනාරක්ෂිත බව නිසා මෙම බහාලුම් වරාය පරිශ්රයේ රඳවාගෙන තමා පිට කරේ, බහාලුම් නිෂ්කාශනවල ඉඩපහසුකම් ලැබෙන පරිදි. නමුත් ඇමතිතුමාගේ පරීක්ෂාවෙන් පසුව, මොවුන් එක හෙළාම තීරණය කරලා තියෙනවා සියලුම බහාලුම් ප්රවාහන රථ වරායෙන් පිටතට එවලා මාර්ග තදබදයක් ඇති කරලා තියෙනවා විශේෂයෙන්ම ඔරුගොඩවත්ත, ග්රෑන්ඩ්පාස් කියන ස්ථානවල. විශේෂයෙන්ම පටවාගත් බහාලුම් ප්රවාහන රථවල තිබෙන බහාලුම්වල අනාරක්ෂිතභාවය සහ රියදුරන්ට ජීවිත තර්ජන එල්ල වෙලා තියෙනවා. පොලිස්පතිට සහ රේගු අධ්යක්ෂවරයාට දැනුවත් කරලා තිබුණා. ඒ අනුව තමා වරාය පරිශ්රයේ මේවා නතර කරගෙන ක්රමවේදයක් ඔස්සේ එව්වේ.”