ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 49.2ක් තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 324ක් රැස්කිරීමට සමත් විය.
එම අවස්ථාවේදී වර්ෂාව හේතුවෙන් තරගය නැවැත්වීමට විනිසුරුවන් තීරණය කළේය.
කුසල් මෙන්ඩිස්, අවිශ්ක සමග එක්ව නවසීලන්ත පන්දුයවන්නන්ට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළහ.
ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 206ක් එක්කළහ.
දෙවැනි කඩුල්ල ලෙස අවිශ්ක ලකුණු 100ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 143කට දැවී ගියේය.
මෙය ඔවුන් දෙදෙනාගේම 4වන එක්දින ජාත්‍යන්තර ශතකයයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 49.2කදී කඩුලු 05ක් දැවී ලකුණු 324ක් රැස්කළේය.
එය ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව මෙරට දී එක්දින ජාත්‍යන්තර තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වෙනවා.