විදුහල්පතිවරයෙක් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් සංවිධානය කළ සාදයක් සඳහා නීති විරෝධී මත්පැන් රැගෙන ආ බව කියන උසස් පෙළ සිසුන් තිදෙනකු පිළිබඳව වාර්තා වී තිබෙනවා.
අදාල පාසලේ ලාච්චුවක මෙම නීති විරෝධී මත්පැන් සඟවා තබාගෙන සිට ඇති බව සඳහන්.
එලෙස කෑගල්ල පොලීසිය පවසන ආකාරයට ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් මහා විද්‍යාලයක සිසුන් පිරිසක් පොලිස් භාරයට ගෙන අවවාද කොට මුදාහැර තිබෙනවා.
අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා ඊයේ (12) විශ්‍රාම ගැනීමට නියමිතව තිබූ අතර ඒ වෙනුවෙන් පවත්වන සාදයකට යැයි කියමින් මෙම සිසුන් මත්පැන් රැගෙන පැමිණ ඇත.
කෙසේ නමුත් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය අවශ්‍යතාවයකට එම කඩබ් එක පරීක්ෂා කිරීමේ දී පාසල් රැගෙන යන වතුර බෝතලයක දමා තිබියදී මෙම මත්පැන් සොයාගෙන තිබෙනවා.