මෙරට 10 වැනි පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් තෝරා පත් කරගන්නා 2024 මහ මැතිවරණ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී ඇත.

මෙවර මහා මැතිවරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 196 ක් සඳහා අපේක්ෂකයින් 8361 දෙනෙකු ඉදිරිපත්වී තිබෙන අතර අනෙක් ආසන 29 ජාතික ලැයිස්තුවෙන් තෝරා පත් කර ගැනීමට නියමිතව ඇත.

2024 මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නව ඡන්ද දායකයන් ලක්ෂ 9කට ආසන්න පිරිසක් ඇතුළුව සමස්ත ඡන්ද දායකයන් මිලියන 17ක් සුදුසුකම් ලබා තිබෙන බවයි සඳහන් වේ.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පෙ.ව. 7.00 සිට ප.ව. 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී පැවැත්වීමට නියමිතව තිබේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්ද දායකයින් සහිත දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වන අතර එහි ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහ අට ලක්ෂ 81,129ක් වන අතර අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී ඇති අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 6081ක් වන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034 කදී සිදුකිරීමට නියමිත අතර පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here