කැස්බෑව, පොල්හේන සිරි සදහම් භික්ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය හදිසියේ ඇති වූ හර්ද්යාබාදයකින් මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ වැඩසටහන් සහකාරි අධිකරණ ලෙස කටයුතු කල (48) හැවිරිදි පායාගල ඉදුරුවගොඩ පදිංචිව සිටි චාමිකා රුවිනි ලියනග නම් අවිවාහක තැනැත්තියකි.
ඇය ඊයේ (13) පෙරවරුවේ සිට මැතිවරණ රාජකාරි ආරම්භ කර ඇත.
ඇය, ඊයේ (13) රාත්‍රී 7.45ට පමණ භික්ෂුණි ආරාමයේ කාමරයක රැදී සිටියදී හර්ද්යාබාදයකට ලක්වී ඇති අතර එහි රැදී සිටි පොලිස් නිලධාරීන් ඇයව ප්‍රතිකාර සඳහා පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති නමුත් ඒ වනවිටත් ඇය මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
මෙම සිද්ධියෙන් එම ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි වලට කිසිදු බධාවක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.