අද (14) දින පැවැත්වූ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මේ දක්වා කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා දෙස් – විදෙස් නිරීක්ෂකයින් දස දහසකට අධික පිරිසක් එක්ව සිටී.

ඒ අතරට විදෙස් නිරීක්ෂකයින් 43 දෙනෙකු ඇතුළත් වන අතර යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් තිදෙනෙකු සහ අන්ෆෙල් සංවිධානයේ 30 දෙනෙකු ඒ අතර වෙයි.

තවද, අසල්වැසි රටවලින් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 10 කි.

මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා සංවිධාන 10 ක් නියෝජනය කරමින්, දේශීය නිරීක්ෂකයින් දස දහසක් පමණ එක්ව සිටී.

ඒ අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයෙන් යොදවා ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 5000 කි.

ජංගම නිරීක්ෂණ ක්‍රියාවලියට, සංවිධානය 8කට අවසර හිමිව තිබේ.

නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද, මැතිවරණ කොමිසම සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here