මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුවේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ 8888ක් ඉදිරිපත් වූහ.

මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ චින්තක කුලරත්න මහතා පැවසුවේ, ආදායම් වාර්තා කලට වේලාවට ඉදිරිපත් නොකරන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙයට අමතරව අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශද කොමිෂන් සභාවට භාරදිය යුතුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here