මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.

ඒ වෙනුවෙන් දුර ගමන් සේවා බස් රථ ක්‍රියාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර විශේෂ දුම්රිය කිහිපයක්, අද (17) සහ හෙට (18) ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

ඒ, පාර්ලිමේන්තු මැතිවරණය හා දීර්ඝ සති අන්ත නිවාඩු අවසන්ව ගම්බිම් බලා ගොස් රැකියා ස්ථාන වෙත පැමිණෙන මගීන් වෙනුවෙන් එම දුම්රිය සේවා යොදවන බවයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල බලා පස්වරු 7.30ට දුම්රියක් පිටත් වේ.

බදුල්ලේ සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය ගමන් ආරම්භ කරන්නේ, පස්වරු 5. 30 ටයි.

මහනුවර -කොළඹ කොටුව සහ බෙලිඅත්ත – කොළඹ කොටුව අතර ද විශේෂ දුම්රිය ක්‍රියාත්මක වේ.

ඊට අමතරව කොළඹ කොටුවේ සිට හික්කඩුව දක්වා සහ මාතර සිට කොළඹ කොටුව දක්වා ද විශේෂ දුම්රිය ධාවනයට කෙරෙනු ඇති.

ගාල්ලේ සිට කොළඹ කොටුව බලා සහ මාතර සිට කොළඹ කොටුව බලා අද පස්වරුවේ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

1 COMMENT

  1. Thanks for a marvelous posting! I actually enjoyed reading it, you could be a great author.
    I will be sure to bookmark your blog and will often come back later
    on. I want to encourage you to definitely continue your great posts, have a nice morning!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here