පොළොන්නරුව මහියංගණයේ ප්‍රධාන මාර්ගයේ බඳනාගල ප්‍රදේශයේදී සිදු වූ රිය මාරක රිය අනතුරකින් පුද්ගලයකු ඊයේ (16) රාත්‍රි ජීවිතක්ෂයට පත්ව ඇති බව සිරිපුර පොලිසිය පවසයි.

එම පොලිසිය ප්‍රකාශකයෙකු පවසා සිටියේ මේ මෙම අනතුරින් වයස අවුරුදු තිස් එක දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

සිරිපුර ප්‍රදේශයේ සිට පොළොන්නරුව දෙසට කැබ් රථය දාවනය වී ඇති අතර කාර් රථය පොළොන්නරුව ප්‍රදේශයේ සිට සිරිපුර දක්වා ධාවනය වී ඇති බවත් එකිනෙකට පුහුණට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව එම පොලිසියේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

කාර් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී දාවනය මෙම අනතුරට හේතු වී ඇතැයි පරීක්‍ෂණ පොලිය සිදුකරන එම පොලිසියේ වැඩිදුරටත් සඳහන් කරයි.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකෙරෙන අතර මෘත දේහය දෙහිඅත්ත කණ්ඩිය රෝහලේ තැන්පත් කර තිබේ. මීට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු සිරිපුර පොලිසිය මගින් සිදු කරයි.

(උපුල් සාන්ත – පොලොන්නරුව)

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here