ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Mark Chapman ලකුණු 76 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජෙෆ්රි වෙන්ඩසේ කඩුලු 3 ක්, මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 ක් තුළ කඩුලු 7 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 74 ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 27 ලබා ගත්තා.

ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here