විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් අද (18) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ ඔහු මෙවර ඉහළ මනාප සංඛ්‍යාවක් ලබාගෙනයි නැවත තේරී පත්ව ඇත්තේ.

මොහු මීට පෙර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

විජිත හේරත් අමාත්‍යවරයා කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිධාරියෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here