පාසල් සිසුවෙකු ධාවනය කල ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් ත්‍රිරෝද රථය ධාවනය කල පාසල් සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ (18) දින පස්වරු 5 ට පමණ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පුස්තකාලය අසලදිය.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ගිනිගත්හේන කඩවල දමිල මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් පිරිසකි.
පාසලේ පැවති උත්සවයකින් අනතුරුව එම සිසුන් සිව්දෙනා ත්‍රිරෝද රථයෙන් නිවැස් කරා ගමන් කරමින් සිටියදි වංගුවක් සහිත ප්‍රදේශයේදි එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වු වෑන් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරිමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නාවලපිටිය සිට ගිනිගත්හේන දක්වා ධාවනය වු ලංගම බස් රථයේ ත්‍රිරෝද රථය ගැටිමට ආසන්න වු විට ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලි යාමත් සමග එහි පසුපස අසුනේ ගමන් ගත් සිසුන් තිදෙනා ප්‍රධාන මාර්ගය හරහා වැටි ඇත.
ප්‍රධාන මාර්ගයේ වැටි සිටි සිසුන් තිදෙනාගේ ජිවිත බේරාගැනිමට ලංගම බස් රථයේ රියදුරා බස් රථයට මාර්ගයෙන් ඉවතට ධාවනය කර ඇති බවත්, එම අවස්තාවේ රජය සතු ගොඩනැගිල්ලක තාප්පයක් සහ ගේට්ටුවක ගැටි බස් රථය නතර වි ඇති බවත්, අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.
ත්‍රිරෝද රථය ධාවනය කල පාසල් සිසුවාට රියදුරු බලපත්‍රයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇතත්, එය මේ වන තෙක් පොලිසිය වෙත ඉදිරිපත් කර නොමැති බවත්, පාසල් සිසුවාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් බස් රථයට සහ ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)