නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායක නම් කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායකගේ නම් කර පසුගියදා මැතිවරණ ලේකම් කාර්යාලයට යොමු කර තිබුණා.

එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසිනුයි අදාළ ලිපිය යොමු කර තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here