ලාෆ්ස් ගෑස් සමාගම මගෙන් නිකුත් කරන ගෑස් හිඟතාවයක් නිසා මේ දිනවල ින් රට පුරාම ලාෆ් ගෑස් වල හිඟතාවයක් පවතින බව ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන් සඳහන් කරනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ලාෆ් ගෑස් කිසිම ස්ථානයකින් මිලදී ගැනිමට නොමැති බවට එහි පාරිභෝගිකයන් සඳහන් කරනවා
මේ පිළිබඳව සොයා බැලීමට මින්නේරියේ ලාෆ් ගෑස් අලෙවි නියත වෙත ගිය අතර එහිදී එම ආයතනයේ සේවිකාවක් සඳහන් කළේ තම බෙදාහැරීමේ ආයතනයට ලාෆ්ස් ගෑස් සමාගමෙන් පසුගිය සැප්තැම්බර් මස අවසානයේ සිට නියමිත ගෑස් තොග බෙදා හැරීමට නොලැබුණු බවයි.
එම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලාෆ් ගෑස් පාරිභෝගිකයින් 10000කට වැඩි පිරිසක් දැඩිව පීඩාවට පත්ව ඇති බවත් ඇය සඳහන් කරනු ලැබුවා.
මෙම ලාෆ් ගෑස් හිඟතාවය පිළිබඳවසොයා බැලීමේදී මෙම තත්ත්වය මුළු දිවයින පුරාම තිබෙන බවයි අනිත් ප්‍රදේශවල ලාෆ් ගෑස් පාරිභෝගිකයන් කළ විමසීම් වලදී ඔවුන් සඳහන් කරනු ලැබුවේ.
(රසංග නිරොෂන් පොළොන්නරුව)