2024 වර්ෂයේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් ස ඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (22) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව හෙට දිනයෙන් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වනවා.
මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ 2024. 12.13 වන සිකුරාදා දින වන අතර එම දිනට පසු දා සිට එම පාසල් නිවාඩුව ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියා.
සියලුම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ 2025 වර්ෂයේ ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා දින බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.