චීන රජයේ ආධාර යටතේ නිවාස 2000 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකිරීම සඳහා වන ගිවිසුමට අද (22) දින අත්සන් තබා තිබෙනවා .
යුවාන් මිලියන 525 ක මූල්‍යාධාර යටතේයි මෙම නිවාස ඉදිකෙරෙන්නේ.
චීන රජය ලබා දෙන මෙම නිවාස 1996 න් නිවාස 1888ක් අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් වෙන් කෙරෙනවා.
ඉතිරි නිවාස 108 වෙන් කෙරෙන්නේ ප්‍රවීණ කලාකරුවන් උදෙසායි.
මේ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේදී අද සිදු කෙරුණා.
ඒ අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක , ශ්‍රී ලංකාවේ චීන තානාපති කිවූ සෙන් හොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි.
අඩුආදායම් ලාභීන් සඳහා වන නිවාස පෑලියගොඩ ,දෙමටගොඩ ,මොරටුව ,මහරගම යන ප්‍රදේශයන්හි ඉදිකෙරෙනවා.
ප්‍රවීණ කලාකරුවන්ගේ නිවාස ඉදිකෙරෙන්නේ කොට්ටාව ප්‍රදේශයේයී.
මේ මාසය තුලදීම මෙහි ඉදිකිරීම් ආරම්භ කර වසර තුනක් තුළ වැඩ නිම කිරීමට අපේක්ෂිතයි.
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්,ආමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ද ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව තිබෙනවා .