ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (22) සඳහන් කළා.
තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නෙ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ දින පැවැත්වුණා.
ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි වූ අතර ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් සහභාගී වුණා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තෙවැනි සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වනවා.