කුලියාපිටිය, හෙට්ටිපොල මාර්ගයේ බුජ්ගමුව ඔයට අද අලුයම සුඛෝපභෝගී ජීප් රථයක් පෙරළීමෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිදිරි තරුණයෙකු සහ ඔහුගේ 25 හැවිදිරි සහෝදරයා මෙසේ මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වන අතර, රථය පාලනයෙන් මිදී මාර්ගය අයිනේ ඇති ඔයට වැටී තිබෙනවා.
දොඹකරයක් ආධාරයෙන් ඔයට වැටී තිබූ ජීප් රථය ගොඩට ගත් අතර, එහි නවතම දර්ශන පෙළක් පහතින්…
r1pvnu