කොස්ලන්ද පොලිස් වසමේ හාමුදුරුකන්ද ප්‍රදේශයේ දී ඊයේ දින පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.
විමර්ශනවලදී හෙළි වී ඇත්තෙ, තණමල්විල ප්‍රදේශයේ දී 18 වැනිදා සිට අතුරුදන් වූ පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. මෙම තරුණයාගේ හිස ද අතුරුදන් ව තිබුණා.
මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග හාමුදුරුකන්ද ප්‍රදේශයට ගොස් ඇති බවටත් පොලිසිය කරුණු අනාවරණය කරගත්තා.
ඒ ඔස්සේ විමර්ශන ඇරඹූ පොලීසිය, අතුරුදහන් වූ පුද්ගලයා සමග ගිය බව කියන වයස අවුරුදු 45ක් වන බලහරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා.
තමන් අතුරුදන් වූ පුද්ගලයාගේ ගෙල කපා ඝාතනය කර හිස කොටස වළකට දැමූ බැව් ඔහු සඳහන් කර තිබුණා.
මරණකරු වයස අවුරුදු 36ක් වූ අරබේකම, තණමල්විල ප්‍රදේශයේ පදිංචි අයෙක්.
මරණකරු සහ සැකකරු ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, ඔවුන් අතර ඇතිවූ ආරවුලක් මත මරණකරුව රවටා ඉහත ප්‍රදේශයට කැඳවාගෙන ගොස් ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 44ක් වන ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි සැකකාරියකද පොලීසිය අත්අඩංගුවට ගත්තා.