කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් පසුගිය දිනෙක සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් අද (23) අවසන් ගමන් ගොස් ඇති බැව් රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වූ කයිලනාදන් සිංදුජන් නම් යාපනය කන්දමඩම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බවයි වාර්තා වන්නෙ.
ඔහු යාපනය හින්දු විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හැදැරූ සිසුවෙක්.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් 41 දෙනෙකු රැගත් මෙම බස් රථය බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේදී මෙම මස 01වනදා අනතුරට ලක්වූ අතර, ඉන් සිසුවියන් දෙදෙනෙක් එදිනම ජීවිතක්ෂයට පත්වුණා.