වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා සිදු කරන කැණිම් අතරතුර හමුවූ පළමු ගල් ස්ථරය කඩා ඉවත් කළ අවස්ථාවේ නවතම දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ස්ථානයක මෙම කැණීම් කටයුතු ආරම්භ වූ අතර, අද (23) තෙවන දිනටත් එම කටයුතු සිදුවුණා.
එම ස්ථානයේ නිධානයක් සොයා පසුගිය කාලයේ සිට විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව කැණීම් කටයුතු සිදු කර තිබූ අතර, එහිදී අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව සඳහන්.
කැණිම් කටයුතුවල නවතම දර්ශන පෙළක් පහතින් බලන්න…