ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම මෙම ගැසට් නිවේදනය නිකුත් කළා.
පසුගිය මහමැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කරගත්තා.
ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරය සඳහා සාලි නලීම් නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබුණා.
සාලි නලීම් එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ද වනවා.