බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට අද (23) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

අගතියට පත් පාර්ශ්වයන් විසින් කොරියානු E8 වීසාවලට අවසරය ඉල්ලමින් මෙම විරෝධය දක්වා තිබුණා.

එහිදී එම විරෝධතාව අඛණ්ඩ සත්‍යග්‍රහයක් බවට පත් කිරීම සඳහා කාර්යාංශය ඉදිරිපිට පදික වේදිකාව මත අට්ටාලයක් වැනි යමක් ඉදිකිරීමට විරෝධතාකරුවන් උත්සාහ ගත් ආකාරයක් දක්නට ලැබුණා.

එහිදී පොලීසිය පැමිණ එම අට්ටාල ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවුණා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here