අයහපත් කාලගුණය මැද, මීගමුව මුන්නක්කරෙයි කළපු ප්‍රදේශයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

‘නිවුස් සෙන්ටර්’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද (24) උදෑසන කාලයේ මෙය සිදුව ඇති බවයි.

එම අවස්ථාවේ පුද්ගලයින් 7 දෙනෙක් දියේ ගිලී ඇති බවත් ඉන් 5 දෙනෙක් දිවි බේරාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළා. මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇත්තේ 50 හැවිරිදි පියා සහ ඔහුගේ 20 හැවිරිදි දියණිය යි.

දිවි බේරාගත් 5 දෙනාගෙන් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here