2024 – සන්නද්ධ හමුදා අනුස්මරණ දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද පෙරවරුවේ පැවැත්වුණා.
පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘභූමියේ සුරක්ෂිතතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවා.
උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාරව පිළිගනු ලැබුවේ, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිනන් කර්නල් (විශ්‍රාමික) අජිත් සියඹලාපිටිය මහතා විසිනුයි.
අදාළ අවස්ථාවේ වීඩියෝව පහතින්..