ඊයේ (23) රාත්‍රී ගල්කිස්ස මහ හෝටලයේ පැරඩයිස් වෙරළ තීරයේ පවත්වන්නට යෙදුණ සුප්‍රසිද්ධ ABBA සංගීත ප්‍රසංගය බලන්නට ශ්‍රී ලංකාවේ අභිනව අගමැතිනි හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා හා තවත් දෙදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

දේශපාලන ආරංචි සඳහන් කරන්නේ අධික වැඩ සහිතව පැවති දේශපාලන මැතිවරණ කාලය ජයග්‍රහණයෙන් පසු සැහැල්ලු මනසින් විවේකයක් ගැනීමට මොවුන් මෙම අවස්ථාවට එක්වූ බවයි.

ABBA මෙහි පැමිණ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම විශේෂිත වන අතර කලකට පසු ලංකාවේ පැවති සුවිශේෂ පිළිගැනීමක් ඇති සංගීත ප්‍රසංගයක් ද වනවා.

ABBA යනු ස්වීඩනයේ ප්‍රසිද්ධ පොප් සංගීත කණ්ඩායමක්. මෙම කණ්ඩායම 1970 දශකයේ සිට ක්‍රියාත්මක වූ අතර එය ලොව පුරා අතිශය ජනාදරයක් හිමිකරගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here