නායයෑමක් හේතුවෙන් වසා දැමුණු පස්සර – ලුණුගල මාර්ගය 13 කණුව ප්රදේශයෙන් එක් මංතීරුවක් වාහන ධාවනය සදහා විවෘත කර තිබේ.
ඒ, ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුවයි.
බදුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ, ලුණුගල සිට පස්සර දෙසට යන මාර්ගය එලෙස විවෘත කර ඇති බවයි.
අද පස්වරු 6 දක්වා පමණක් මාර්ගය එම කොටස විවෘතව තැබෙනු ඇති.
ඊයේ දහවල් සිට සවස 6.30 දක්වා පමණක් එම මාර්ගය තාවකාලිව විවෘත කිරීමට පියවර ගැනුණි.
මේ අතර, එම මාර්ගය භාවිතා කරමින් උසස්පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට විභාග ශාලා වෙත ගමන් කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය හා එක්ව විශේෂ ප්රවාහන සේවා ක්රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් අධික වැසි සමග නායයාමේ අවදානමක් මතුවුවහොත් නැවත එම මාර්ගය වසා දැමීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත්රික් ලේකම්වරයා ප්රකාශ කළේ ය.