පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කර තිබෙනවා.

ඒ ඔහු විසින් 2021.03.22 දින බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට පත් කර,රියදුරුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳ වූ අවස්ථාවේදියි.

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් යන අය දිගින් දිගටම අධිකරණ මග හරිමින් සිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.

මීට පෙර නඩු දිනයේ ද ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණ ද එම වරෙන්තු ක්‍රියාත්මක වීමක් සිදු වූයේ නැහැ.

අගතියට පාර්ශවය වෙනුවෙන් නීතීඥ අසංක මෙන්ඩිස්, නීතීඥ ෂෙහාන් රාජපක්ෂ සහ විනුර ජිනදාස යන නීතීඥවරුන් පෙනී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here