විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව 6% සිට 11%ක් දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2024.10.24 දින ඉදිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියමක විසින් ප්‍රතික්ෂේප කළ බවයි අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ.

එමෙන්ම 2024 වසරේ අවසන් කාර්තුව සදහා නොව 2025 වසරේ මුල් මාස 06 සලකා 2025.01.01 සිට බලපැවත්වන පරිදි ගාස්තු සංශෝධනය සඳහා එම යෝජනාව යළි සකසා එවන ලෙසට නියාමක විසින් ඉල්ලා සිටි බව විදුලි බල මණ්ඩලය පවසනවා.

2025 සදහා වන යෝජනාව සකස් කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන බවත්, ඒ අනුව එම යෝජනාව 2024.12.06 දිනට පෙර නියමක වෙත යොමුකරන බව අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ, අනුව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here