හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) දහවල් අල්ලස් සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇත.

ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී, මෛත්‍රීපාල සිරිසේන මහතා රෝයල්පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු සමාව ලබාදීම සඳහා මුදල් ලබා ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව මෙලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා සැකකරු නිදහස් කිරීම සඳහා අල්ලස් ලබාගෙන ඇති බවට පුද්ගලයෙක් කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා කැඳවා ඇත.

2005 වසරේ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළ තරුණියක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට අභියාචනාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබුණි.

අනතුරුව මරණීය දණ්ඩනය පනවන ලද මෙම විත්තිකරුට 2016 වසරේ මැයි මස 17 වැනිදා සමාව ප්‍රදානය කර එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කර තිබේ.

2019 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා මෙම විත්තිකරුට නියම වී තිබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමින් ඔහු නිදහස් කරමින් සමාවක් ප්‍රදානය කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here