ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අද (27) සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී තිබේ.
ඒ, වසරකට අධික කාලයක් දෙරට රුධිරයෙන් නැහැ වූ කුරිරු යුද්ධය නිමාවට පත් කරමිනි.
පසුගිය මැයි මාසයේදී ඉදිරිපත් කළ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කළේ ය.
ඔහු සඳහන් කළේ, අමෙරිකාවේ සහ ප්‍රංශයේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක සාකච්ඡා සාර්ථක වී සටන් විරාමයකට එළඹීම ඓතිහාසික අවස්ථාවක් බවයි.
ගිවිසුම සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා අමෙරිකාව සමග එක්ව කැපවන බව ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් ද සඳහන් කළේ ය.
සටන් විරාම ගිවිසුමට අනූව මාස 2ක් ඇතුළත, ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කරගත යුතුයි.
ලෙබනන දේශසීමා ආශ්‍රිත භූමියට එරට හමුදා අනුයුක්ත කර ස්වෛරී පාලනයක් පවත්වා ගැනීම ද එක් කොන්දේසියකි.
යුද බිමක් බවට පත්වූ සිය නිවෙස්වල නැවත පදිංචි වීමට මේ හරහා දෙරටේම ජනතාවට හැකි වේ.
ඊශ්‍රායල – හිස්බුල්ලා යුද ගැටුම් ආරම්භ වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 08 වැනි දායි.
ඒ, ඊශ්‍රායල – හමාස් යුද්ධයේ දිගුවක් ලෙසයි.
.කෙසේ වෙතත් අද සිට දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන්නේ ගෝලාන් කඳුකරය යට භීතියෙන් ඇළලෙන ජීවිතවලට සාමයේ පණිවුඩය රැගෙන එමිනි.