කොරියාවේ කෘෂි කාර්මික අංශයේ සෘතුමය රැකියා අවස්ථා සඳහා වීසා ලැබුණ ශ්‍රමිකයින් ස්වං ක්‍රමයට හෝ රැකියා ඇනවුමක් ආකාරයට

රැකියා ගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් අනාගතයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙම රැකියා අවස්ථා අහිමිවී යා හැකි බවත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි අවස්ථාවේ රටේ විනිමය සංචිතය ඉහළ නංවා ගැනීමට තිබූ කඩිනම් සහ කාර්යක්ෂම ක්‍රමය වූයේ විදෙස් ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ නංවා ගැනීම බවත් එබැවින්  ශ්‍රී ලාංකිකයන්ට විවෘතව නොවුනු විදේශ රැකියා අවස්ථාවන් විවෘත කරගැනීමට විෂය බාර අමාත්‍යවරයා ලෙස තමා පෞද්ගලිකව මැදිහත්වූ බවත් හිටපු කම්කරු සහ විදේශරැකියා අමාත්‍ය මනුෂ නානායකකාර නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

කොරියාවේ නැව් ඉදිකිරීම්, කෘෂි ක්ෂේත්‍රයේ, සෘතුමය රැකියා සහ ඊශ්‍රායල් රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයනට උදාකර ගැනීමට හැකිවූයේ ඒ අනුව බවත් මේ සෑම රැකියාවක් ම ඉහළ වැටුප් සහ ආකර්ෂණීය සේවා කොන්දේසි සහිත ඒවා බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

මතු දැක්වෙන්නේ එම නිවේදනය යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here