අස්වැසුම සහනාධාර ව්‍යාපෘතිය යටතේ නව ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම සඳහා නව රජය මගින් නිකුත් කර ඇති අයදුම්පත් ලබා ගැනීම සඳහා ධාරානිපාත වර්ෂාව නොතකා විශාල ජනතාවක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ අයදුම්පත් ලබා ගැනීම සඳහා දිගු වේලාවක් පෝලිමේ රැඳී සිපැමින (27) උදෑසන සිට දක්නට ලැබින.

මේ පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් අප කළ විමසමකට වගකිවයුතු බලධාරීන් කියා සිටියේ අස්වැසුම සහනාධාර වැඩසටහන සඳහා නව ප්‍රතිලාභීන් තෝරා ගැනීම සදහා නව රජය මගින් නිකුත් කර ඇති අයදුම්පත් මුල්වරට අද දින නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයෙන්  නිකුත් කිරීමේදී නොසිතූ පිරිසක් එම අයදුම්පත් ලබා ගැනීමට පැමිණි බවයි.

පැමිණි පිරිස කළමනාකරණය කරගැනීම සඳහා අංක ලබාදී ඒ අනුව අයදුම්පත් එම ස්ථානයේම පුරවා බාර ගැනීම සිදු කළ අතර සතියේ සෑම සඳුදා සහ බදාදා දිනකම අයදුම්පත් ලබා ගැනීමට හැකි වන බැවින් කලබලයකින් තොරව අයදුම් පත් ලබා ගැනීමට පැමිණෙන ලෙස මහජනතාවගෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉල්ලා සිටියි.

(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)

2 COMMENTS

  1. Do you mind if I quote a few of your articles as long as I
    provide credit and sources back to your webpage? My blog is in the
    exact same niche as yours and my visitors would really benefit from
    a lot of the information you present here. Please let me
    know if this okay with you. Thanks!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here