සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 42 ක් පමණයි.

එය ටෙස්ට් ඉනිමකදී ශ්‍රී ලංකාව වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 13 ක් හා ළහිරු කුමාර ලකුණු 10 ක් ලබාගත් අතර අනෙකුත් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 5 සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි වුණා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් Marco Jansen කඩුලු 7 ක් හා Gerald Coetzee කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here