ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් සහ ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් යාපනය දිස්ත්රීක්කයටද දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර නල්ලූර් පුදබිම ඇතුලු ප්රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට මෙන්ම ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
උතුරු පලාතේ පවුල් 23,786 කට අයත් පුද්ගලයින් 78,530 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකයන් පවසා සිටියි.
මේ අනුව ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මන්නරම් දිස්ත්රීක්කයට වන අතර ඒහි පවුල් 18,774 කට අයත් පුද්ගලයින් 61,674 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
දෙවනුව යපනය දිස්ත්රීක්කයට වන අතර එහිදී පවුල් 2706 කට අයත් පුද්ගලයින් 9642 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතරම, කිලිනොච්චිය දිස්ත්රීක්කයේ පවුල් 811 කට අයත් පුද්ගලයින් 2750 දෙනෙකු සහ මුලතිව් දිස්ත්රීක්කයේ පවුල් 1495 කට අයත් පුද්ගලයින් 4664 දෙනෙකු පීඩවන්ට පත්ව සිටින බවටද ආපදාකලමනාකරන ඒකකයන් පවස සිටියි.
මේ අතර අධික වර්ෂාව සුලං සහ ජලගැලීම් හේතුවෙන් උතුරු පලාතේ නිවසද 75 කට පූර්ණ සහ සුලු හානි සිදුව ඇති බවටද වාර්ථාවෙයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙලෙස ගංවතුර තත්වයන් ඇති ව තිබෙන අතරම ඉදිරියේදී පවතින තත්වය මීට වඩ වැඩිවිය හැකි බැවින් විපතට පත්වන ජනතාව සහ දේපල ප්රමාණයන් ඉහල යා හැකි බවටද ආපදාකලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමටද දිස්ත්රීක් ලේකම් කර්යාල, ප්රාදේශීය ලේකම් කාර්යාල අධීක්ෂණයෙන් ආපදාකලමනාකරන නිලධරීන් මේන්ම ආරක්ෂක අංශ නිලධාරීන්ගේද සහය ඇතිව ප්රදේශ බාර ග්රාමසේවක නිලධාරීන් මාර්ගයෙන් කටයුතු කිරීමටද පියවර ගෙන ඇත.
(වන්නි රොමේෂ් මධුෂංක)