නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් (27) දින සිට ගිලා බැසිමට ලක් වි ඇති නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28 දෙනෙකුට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නාවලපිටිය පොලිසිය විසින් උපදෙස් ලබා දි ඇත.

නාවලපිටිය පස්බාගේ කොරළේ ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු ආපද කලමණාකරණ ඒකකයේ උපදෙස් මත නාවලපිටිය පොලිසියේ නිලධාරින් ආපදාවට ලක් වි ඇති පිරිසට උපදෙස් ලබා දි ඇත.

එම ගම්මානයට පිවිසෙන මාර්ගය (27) දින සම්පුර්ණයෙන්ම ගිලා බැසිමට පටන් ගැනිමත් සමග ඒ අසල පිහිටි නිවාස හයක බිත්ති පුපුරා ගොඩනැගිලි ගිලා බැසිමට ලක් වි ඇත.

පවතින වර්ෂාවත් සමග මෙසේ තම නිවාස සහ ගම්මානයට පිවිසෙන මාර්ගය ගිලා බැසිමට පටන්ගෙන ඇති බවත්, තමන්ට තාවකාලිකව රැදි සිටිමට පොදු ආරක්ෂිත ස්ථානයක් නොමැති නිසා ඥති නිවාස වලට යොමු වන බවයි පිඩාවට පත් ජනතාව කියා සිටියේ.

මේ අතර නාවලපිටිය දොළොස්බාගේ සිට ගම්පොල දක්වා වු අතුරු මාර්ගයද ගිලා බැසිමට ලක් වි ඇති නිසා රථ වාහන ධාවනය සම්පුර්ණයෙන්ම නතර කිරිමට නාවලපිටිය පොලිසිය පියවර ගෙන ඇත.

එම මාර්ගය ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පවරා දින තිහක පමණ කාලයක් ගත වි ඇති බවයි එම මාර්ගය භාවිතා කරන ජනතාව කියා සිටියේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here