මුලතිව් දිස්ත්‍රීක්කයේ විශාලතම වැව වන මුත්තියන්කඩ්ඩු වැවේ වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් පහත් බිම් රැසකට දැඩි ගංවතුර තත්වයක් බලප ඇත.
මුත්තියන්කඩ්ඩු වැව වාන්දැමීම හේතුවෙන් වසන්තිපුරම් ගම්මානයට දැඩි ගංවතුර අවධානමක් පැවතීමත් සමගම ගම්මානයේ පවුල් 72 කට අයත් පුද්ගලයින් 129 දෙනෙකුට ආරක්ෂිත ස්ථානකරා යමට නොහැකිව කොටු වී සිටියහ.
පසුව 59 වන සේනංකාධිපතිතුමන්ගේ අධීක්ෂණයන් හා මගපෙන්වීම යටතේ 593 වන බලසේනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒහි සෙබලුන් පිරිසක් විසින් ගංවතුර හේතුවෙන් සිරවී සිටි වසන්තිපුරම් ගම්මානයට පිවිස එහි වැසියන් ඉතා ආරක්ෂිතව ගම්මානයෙන් පිටතට ගැනීමට පියවර ගන්නා ලදි.
බේරාගත් පිරිස් අතර කුඩා දරුවන්ද සිටින අතර සියලුම වැසියන් ඉත ආරක්ෂිතව මුලතිව් මන්ඩකණ්ඩාල් රජයේ පාසල වෙතට රැගෙන ගොස් අවශ්‍ය ආහාරපානාදි පහසුකම් ලබාදීමටද යුදහමුදාව විසින් පියවර ගන්නා ලදි.
(වන්නි රොමේෂ් මධුෂංක)