ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කර තිබේ.

ඒ, එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියකට අනුවයි.

දරුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හානි අවම කිරීම සඳහා මෙම නව නීති ගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පවසන්නේ, දරුවන්ට ළමා කාලයක් තිබීම අවශ්‍ය බවත් , බොහෝ දෙමාපියන් සමාජ මාධ්‍ය හරහා නිසා දරුවන්ට හානියක් වන බවට කණගාටු වෙන බවයි.

නමුත් යම් හෙයකින් යම් සමාගමක් මෙම නීතියට අනුකූල නොවන්නේ නම් , ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක දඩ නියම වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ සන්නිවේදන අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට Snapchat, TikTok, Facebook, Instagram සහ X යන මාධ්‍ය මෙම නීතියට ඇතුළත් වෙයි.

නමුත් Gaming සහ Messaging මෙන්ම ගිණුමක් නොමැතිව ප්‍රවිශ්ට විය හැකි වෙබ් අඩවි මෙම නිතියට ඇතුළත් වන්නේ නැහැ.

ඒ අනුව Youtube සඳහා පිවිසීමේ බාධාවක් නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ නමුත් ඩිජිටල් පර්යේෂකයන් අනතුරු අඟවා ඇත්තේ, VPN වැනි මෙවලම් හරහා මෙම සීමා කිරීම් පහසුවෙන් මග හැරිය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here