සංචාරක ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (29) දිනයේදී දෙවෙනි ඉනිමට පන්දුවට පහරදෙනු ලැබූ දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 366ක් රැස් කර ගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 191ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කට සියල්ලන්ම දැවී ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අවස්ථාව බවට පත්වීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවට දෙවෙනි ඉනිමට දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 366ත් සමඟින් ලකුණු 516ක ඉලක්කයක් හිමියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here