සංචාරක ශ්‍රි ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 103ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 413ක් ලබා ගත යුතුයි.
අද දිනයට තරගය නවත්වන විට නායක ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.
දෙවෙනි ඉනිමට පළමුවෙන් පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 366ක් රැස් කර ගැනීමට සමත් වුණා.
දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 191ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කට සියල්ලන්ම දැවී යාම හේතුවෙන් දෙවෙනි ඉනිමට දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 366ත් සමඟින් ලකුණු 516ක ඉලක්කයක් හිමි වුණා.