පක්ෂ ජාති ආගම් පන්ති හෝ වෙනත් භේදබින්න වීම්වලින් තොරව පලස්තීන ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් රටක් ලෙස එකට එකතු වී ඇති බවත් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන්ට යුක්තිය හිමිවිය යුතු බවත් ඒ සදහා ජාත්‍යන්තරය සමග අත්වැල් බැදගෙන කටයුතු කළ යුතු බවත් කතාවලට නිවේදනවලට සීමා නොවී පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනි සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම පලස්තීනය විනාශ කිරිමේ රාජ්‍ය ත්රස්තවාදයට එරෙහිව රජයත් සමග එකට නැගී සිටින බවත් පෙනී සිටින බවත් එක ස්ථාවරයක සිට පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවැති United Nations Day for Solidarity with Palestine People සමුළුව අමතමිනි.
ඊශ්‍රායල ප්‍රහාරවලින් විපතට පත් පලස්තීන ජනතාවට සහන දෙන විට, එම ජනතාව ජීවත් වන තැන්වලට බෝම්බ දමන එකට විරුද්ධව ලෝක නායකයන් ද පෙරට ආ යුතු බවත් කතාව පමණක් නොව ක්‍රියාව ද තිබිය යුතු බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා අවධාරනය කලේය.
තවද මේ ඊශ්‍රලය සහ පලස්තීනය යන රටවල් දෙක සහෝදරත්වයෙන් සංහිදියාවෙන් යුක්තව එකට එකතු වී ජීවත් වන යුගයක් වෙනුවෙන් සැවොම කැපවිය යුතු බවත් තවදුරටත් අදහස් දක්මින් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.