මැදවච්චිය පූනෑව නාවික හමුදා කඳවුරේ සේවය කරන ලද ජේෂ්ඨ නාවික හමුදා නිලධාරියෙකු ඊයේ රාත්‍රියේ වන අලියෙකු පහරදීමක් හේතුවෙන් මිය ගොස් ඇති බවට මැදවච්චිය පොලිසිය පවසයි.
පූනෑව නාවික හමුදා කඳවුරට ඊයේ (29) රාත්‍රියේ බස් රථයකින් පැමිණි නාවික හමුදා නිලධාරිවරයා බස් රථයෙන් බැස අසල වෙළඳ සැලැක් වෙතට යමින් සිටියදී එකවරම ආසන්න කැලෑවක සිට පැමිණි වන අලියෙකු විසින් මෙම පහරදීම සිදුකොට ඇති බවට පොලිසිය පැවසීය.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ නාවික හමුදා නිලධාරිවරයා අසල්වාසීන් විසින් එම අවස්ථාවේදීම වවුනියාව මහ රෝහලට රැගෙන යාමට පියවර ගත්තද නාවික නිලධාරීවරයාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ පූනෑව නාවික හමුදා කඳවුරේ ප්‍රවාහන අංශ භාරව සිටි ලුතිනන් කමාන්ඩ ජේ. ඒ. එම්. සී. ජයකොඩි නැමැති නිට්ටබුව මාතලාන ප්‍රදේශයේ පදිංචි අයෙකි.
(වන්නි රොමේෂ් මධුෂංක)