හෘදයාබාධයක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු තරගයක් අතරතුරදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවූ වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඉම්රාන් පටෙල් නමැති ආරම්භක පිතිකරුවෙක්.

පූනේ හි ගාවර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයක් අතරතුරදී ඉම්රාන් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන ඉම්රාන්ගේ බාලම දියණියගේ වයස මාස 4ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඉම්රාන් සිය කණ්ඩායමේ ඉනිම අරඹමින් පන්දුවට පහරදෙමින් සිටියදී පපුවේ ඇතිවූ වේදනාව සම්බන්ධයෙන් මෙලෙස විනිසුරුවන් වෙත දැනුම්දීමට කටයුතු කරනවා.

ඒ අනුව විනිසුරුවරුන් ඔහුට පිටියෙන් ඉවත්වීමට අවසර ලබාදීමත් සමග ඔහු ක්‍රීඩාගාරය දෙසට ගමන්කරන අතර එහිදීයි එක්වරම ඔහු ඇදවැටී ඇත්තේ.

අනතුරුව කඩිනමින් ඔහුව රෝහල්ගතකිරීමට පියවර ගත්තද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ.

මෙම සිදුවීම ලෝකයේම මහත් කම්පනයට පත්කළ සිදුවීමක් බවට මේ වනවිට පත්ව ඇති අතර ඔහුගේ ක්‍රීඩා සඟයෙකු ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඉම්රාන්ට කිසිදු පූර්ව ආබාධයක් නොතිබූ බවයි.

මෙම සිදුවීම සජීවීව විකාශය වී තිබූ අතර එම දර්ශන පෙළ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් සමග බොහෝදෙනෙකු තුළ එම සිදුවීම මහත් කම්පනයක් ඇතිකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here