ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ විශේෂ අවධානය යොමු වූ අතර සූර්ය පැනල ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. මේ වන විට ගිවිසුම්ගත ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන ලෙසත් ඒ අනුව ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දුන්නේය. එසේම ගිවිසුම්ගත වුවද අකාර්යක්ෂම ව්‍යාපෘති ඇත්නම් ඊට අදාළ නිසි පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

බලශක්ති අමාත්‍ය විදුලි ඉංජිනේරු කුමාර ජයකොඩි, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය ටි. එම්.ඩබ්ලිව්. ජේ. බණ්ඩාර, ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සභාපති ඉංජිනේරු ජනක අලුත්ගේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here