ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරග‍යෙන් කඩුලු 07ක ජයක් වාර්තාකිරීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කන්ඩායම පන්දුවාර 46කදී කඩුලු 09ක් දැවී ලකුණු 173ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 21යි පන්දු 04ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම වයස 19න් පහළ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here