සංචාරක ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයට තරගය නතර කරන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුළු 05ක් දැවී ලකුණු 205ක් රැස් කරගෙන සිටියා.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 18ක්ද, දිනේශ් චන්දිමාල් ලකුණු 29ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 32ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 35ක්ද, නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 39ක්ද, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 39ක්ද රැස් කළා.

දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 358ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 328ක් රැස් කළා.

දකුණු අප්‍රිකාව දෙවනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 317ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 348ක ඉලක්කයක් හිමිවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here