දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව ආසන්නයේ දී සිදුවූ මාරක අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් තුවාල ලබා, 10 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 100 L හා 100.1 L ස්ථාන අතරදී, කොට්ටාව දෙස සිට පාලටුව දෙසට ධාවනය වූ කාර් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන්, එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබුණා.

අනතුරින් කාර් රථයේ ගමන්ගත් එකම පවුලේ මව පියා සහ දියණියන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් දැරියක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්​නේ.

එලෙස මියගොස් ඇති දරුවා අවුරුදු 10 ක් වූ දැරියක් බවත්, අනතුර සම්බන්ධ​ව වැඩිදුර විමර්ශන ඉමදූව පොලීසිය මඟින් සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here