ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.5ක ආදායමක් මේ වසර අවසානයේ දී උපයා ගැනීමට හැකිවන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසනවා.

ඊයේ දිනය වන විට ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියන 1.4ක ආදායමක් ලබා ගැනීමට සමත්වු බවයි ඒ මහතා ස්වාධීන රූපවාහිනියට සඳහන් කළේ.

මේ වසරේ රේගුවේ ආදායම් ඉලක්කය වුයේ රුපියල් ට්‍රිලියන 1.53කි.

මේ මාසයේ ඉදිරි දින කිහිපය තුළ ශක්තිමත් ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට කටයුතු කරන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු යොදා තිබෙනවා.

මේ වසරේ වාර්තාගත කාර්ය සාධනය මගින් දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීමයි සැලසුම වී තිබුණේ.

රේගු ආදායමෙන් 30%ක පමණ ප්‍රමාණයකට හිමිකම් කියන්නේ වාහන ආනයනයයි.

එහෙත් ඒ සඳහා සීමා පැනවීම් තිබුණත් සියලු අභියෝග මධ්‍යයේ ඉලක්කය සම්පුර්ණ කිරීමට හැකිවනු ඇති බවයි නෝනිස් මහතා සඳහන් කළේ.

මේ සියල්ලටම තාක්ෂණික නවෝත්පාදනය සහ විනිවිදභාවය ඉවහල් වු බව ද ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here